
පසේ බුදුවරු
පොතේ පසු වදන පසේ බුදුරජාණන් වහන්සේලා ගැන ලියන්නට ගත් විට උන්වහන්සේලා මොන සා පාරමිතා ගුණයකින් යුත් උතුමෝ ද, කොයි සා සියුම් නුවණකින් යුත් උතුමන් වහන්සේලාද යන බවත් මා සිත නිතර වෙළා ගත්තේ ය. ඒ නිසාම මා මේ ග්රන්ථය ලිවීමෙන් සහ එය නැවත නැවත කියවීමෙන් මා සන්තානයම නැවත ධර්ම රසයෙන් කුළු ගන්වා ගතිමි. සැබවින්ම උන්වහන්සේලාගේ සැබෑ ගුණයන් ඉස්මතු කිරීම මා සිතූ තරම් පහසු නොවන බව මේ ග්රන්ථය කිරීමේදී මා වටහා ගත්තේ ය. මන්ද යන් උන්වහන්සේලා සතු වූ සියුම් ප්රඥාව දෙවැනි වන්නේ ලොව්තුරු බුදුවරුන්ටම පමණක් බැවිනි. අවසානයට කිව හැක්කේ මෙය ය. ලියූ ගුණ කඳ පොඩි ය. දුටු ගුණ කඳම මහත් ය. සාගරයක් පෙන්වන්නට සිතා දොළ පාරක් පෙන් වූ සෙයක් සිතට දැනේ.www.sujathaputhra.lk
Sujatha Puthra Meditation Center, Sandasirigama, Malwanegama, Thambuththegama.