top of page

'මේක බලන්න අපේ තාත්තා හිටියනම් ?'

තොටලඟ තොරණ අවසන් දිනයට විවෘත කිරීම සහ ඒ අභියස පැවත් වූ ධර්ම දේශනාව..


1952 දී පෙට්ටි තොරණින් ආරම්භ වූ තොටළඟ තොරණේ ආරම්භය 1955 දී කොල්වින් මහතාගේ දළ සැලස්මත්, එච්.ඒ විල්බට් පෙරේරා මහතාගේ සභාපතීත්වයත් යටතේ මහා භද්‍ර කල්පය පිළිබිඹු කරමින් වෙසක් තොරණක් ලෙස සමාජයට විවෘත කරන ලදි.


එහි වරෙක ප්‍රවෘත්තියට නැං වූ යමා මහ පෙළහැර පිළිබඳ කථාවස්තුව දුටු ජපන් ජාතිකයන් විසින් එය ජපානයට පවා රැගෙන ගොස් එහි ජාතිකයන්ට ද පෙන්වන්නට කටයුතු කළ හ.


මෙවර ද ශ්‍රී වෛශ්‍යාලෝක සමිතිය මගින් 69 වන වරටත් බුද්ධ ශ්‍රීය මනා ව නංවමින් තොටළඟ තොරණ නිර්මාණය කර ඇති අතර එහි අවසන් දිනයට සහභාගී වීමටත්, එය විවෘත කිරීමටත් ලැබීම දෛවයේ නො මැකෙන අවස්ථාවක් වන්නේ, අප ද පුංචි කළ පටන් මතක ඇති සෑම වෙසඟක ම මේ තොටළඟ තොරණ අභියස එහි දිගහැරුණු කථා ප්‍රවෘත්ති මතකයේ තියාගන්න වෙර දරා ඇති බැවිනි.


කෙසේ නමුත් මේ සම්පූර්ණ අවස්ථාවේ මාගේ සිතේ තිබූ එක ම දේ 'මේක බලන්න අපේ තාත්තා හිටියනම් ?' කියන කරුණ ය..


මන්ද යත් ඔහු අපිව ද උරහිසේ තබාගෙන මේ තොරණ පෙන්වන්නට පුංචි කළ පටන් ගත්ත උත්සහය මට නිතැතින් ම මතක් වූ බැවිනි..


අද ඔහු සිටියානම්‍, ඔහුගේ දෑතින් ම මේ තොරණ විවෘත කර සමාජයට ⁣පෙන්වීමට ඉඩ සැලස්වීමට මට තිබුණි..


නමුත් මාරයාව කිසි ම ලෙසකින් වැළක්විය නො හැක.


 Author: Ven. Kirulapana Dhammawijaya Thero

Date: 30.05.2024

Designed by Sujatha Puthra Meditation Center

bottom of page