top of page

එකම ප්‍රාර්ථනාව‍, සියළු සත්ත්වයන්ට ධර්මයේ රස ය දැනේ වා ! යන්න විතරයි..

අදට අපේ තාත්තා නැතිවෙලා අවුරුදු 10 ක්. ගෙවී ගියපු අතීත කාලය නැවත අකුරු කරන්නට අවශ්‍ය නැතත්‍, කලින් රිදුමක් සේ ආපු මේ මතකය අද ඉක්මවිය නො හැකි යථාර්ථවාදී ධර්මතාවයක් කියන එකට කොටු වෙලා එන නිසා දැන් ඒක ගැන මතක් වෙන්නෙ වෙන ම මානයක ඉඳලා..


තාත්තා වෙනුවෙන් කරන්න තිබ්බ උපරිම දානය ධර්ම දානය.. ⁣


ගෞරවණීය අපේ මාවරලේ භද්දිය ස්වාමීන් වහන්සේව වැඩම කොට ගෙන‍, තාත්තාගේ පැත්තේ සියළු ම ඥාති පරම්පරාවත්‍, අම්මගේ පැත්තේ ඥාති පරම්පරාවත්‍, මගේ බණ අහන‍, බණ අහපු හැමෝටමත් ආරාධනා කරලා‍, මිහිරි හඬින් බණ ටිකක් අහන්න දීලා‍, ඔවුන්ට කන්න බොන්න ටිකක් දීලා යවන එක තරම් සතුටක් මට තවත් තිබ්බෙ නැහැ.


තාත්තා ජීවතුන් අතර ඉද්දිත් බණ අහන්න කැමැති ස්වාමින් වහන්සේලා දෙනම යි.


ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ‍, මාවරලේ භද්දිය ස්වාමීන් වහන්සේ.. ඉස්සර පෝය දවසට උන්වහන්සේලා ගේ හඬවල් වලින් අපේ ගෙදර පිරිලා.


අද උන්වහන්සේව වඩම්මලා කරවපු ධර්ම දානය තවම ඉවර නැහැ. සාමාන්‍යයෙන් ඉරිදා රෑ නවයට ලක්හඬ ගුවන් විදුලියේ යන්නෙ මගේ දේශනාවක් නේ. අද ඒක භද්දිය ස්වාමීන් වහන්සේට පූජා කළා.


ඉතින් ඒ සොඳුරු දේශනාව අද රෑ නවයට ඔබට අහන්න පුලුවන් ලක්හඬ ගුවන් විදුලිය ඔස්සේ..


එකම ප්‍රාර්ථනාව‍, සියළු සත්ත්වයන්ට ධර්මයේ රස ය දැනේ වා ! යන්න විතරයි..


උදව් කළ අම්මටත්‍, පොඩි අක්කටත්‍, පුංචි අක්කටත් අනේක වාරයක් පින්..


තවමත් ඇත්තටම තාත්තා කරපු දේවල් වලට කෘතගුණ ඇති ඔබට නිවන් සම්පත ම වේවා !


 Author: Ven. Kirulapana Dhammawijaya Thero

Date: 10.03.2024

bottom of page