Sujatha Puthra Meditation Center
Your Membership ID
අවසරයි Walpola Gothama Thero පින්වත් ස්වාමින් වහන්ස..
මා බොහෝ කාලයක් බුදු ගුණ දේශනාවන් දේශනා කරන යතිවරුන් දැක ඇත. ඒ බොහෝ තැන්වල භාග්‍යවතුන් වහන්සේ ගේ අතිමානුෂීය ගුණයන් වර්ණනා වනු පමණක් දුටිමි.
ඔබ වහන්සේ පසුගිය දා සිදු කළ දේශනාව තුල මතු කළ භාග්‍යවතුන් වහන්සේ ගේ ඇතැම් මානුෂීය ගුණ ඒ අති මානුෂීය ගුණයන්ට වඩා භාග්‍යවතුන් වහන්සේව මේ අහින්සකයන් ගේ සිතට ලෙන්ගතුව සමීප කරනු ඇත.
දේශකයාණන් වහන්සේ නමක් ඔවැන් ආකාරයේ දේශනාවකට කෙතරම් මහන්සි විය යුතු ද කියා ද මම හොඳන් දනිමි..
එමෙන්ම ඔබ වහන්සේ ගේ සන්තානයේ මේ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ ගැන ඇති සමීප මනසිකාරය ගැන ද මම සතුටු සිතින් සිතමි..
නිදුක් නිරෝගී චිර ජීවනයම වේවා පින්වතුන් වහන්සේ ට.. 🙏🙏
Waruna Edirisinghe අයියටත් බොහොම පින්.. අයියාගේ කළ්‍යාණ මිත්‍ර පින්බර සිත ගැන ද මට චිත්‍රයක් ඇති බැවින් පින්වත් අයියා ද මේ සඳහා ඇති කරගත්තා වූ සතුට මේ සමඟම මම සිතුවෙමි..
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 06.08. 2023