top of page

ලෝකේ ගොඩක් ඉන්නෙ රතිඤ්ඤා වගේ මිනිස්සු..

අපි කැමති ලෝකේ ඉන්න මිනිස්සු අහස්කූරු වගේ වෙනවානම්..

මොකද ඒවා කවදාහරි පිපිරුණත් පත්තුවෙන්නේ හරි ලස්සනට.. උඩ ගිහින් පාට පාට දාලා..


හැබැයි ලෝකේ ගොඩක් ඉන්නෙ රතිඤ්ඤා වගේ මිනිස්සු..


උන් අහස්කූරු වගේ වෙස් වලාගෙන ඉඳලා, පත්තු කරලා අපි උඩ බලන් ඉද්දි කකුල් දෙක ගාව ම පුපුරනවා ☺️


පත්තු කරපු එකාවත් ඉස්පිරිතාලෙට ඇදලා දාලා..


ඒ තමයි යතාර්ථය..


✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero

Date: 27.11.2023

Designed by Sujatha Puthra Meditation Center

bottom of page