Sujatha Puthra Meditation Center
Your Membership ID
අද ආපහු චූටි දුවව දකින්න ලැබීම සතුටක්..
මීට කාලෙකට කලින් දූ ගැන අහන්න ලැබුණෙ, වකුගඩු දෙකම නරක් වෙලා මරණය පේන මානයේ ජීවිතය යදින දියණියක් විදියට..
කපලා මගේ වකුගඩුව දෙන්න පුලුවන් කමක් ඒ වෙලාවේ තත්වයේ හැටියට නුසුදුසු නිසා වකුගඩුවක් වෙනුවෙන් වියදම් කරන්න වෙන මිලිය න දෙකක් ඒ වෙලාවේ මට දෙන්න පුලුවන් කමක් හැදිලා තිබිච්ච නිසා ඒ වෙලාවේ දෙපාරක් හිතුවේ නැතිව දුවට ජීවිතය දුන්නේ මනුෂ්‍යත්වය කොච්චර වටිනවද කියලා සහසුද්දෙන් ම අපි දන්න නිසා..
හැබැයි ඒ ආපහු ආපිටට හිනාවක්වත් බලාපොරොත්තු නොවී..
මොකද මේ මම වෙනස් කරපු එකම ජීවිතයක් පමණක් නිසා..
අද ආපහු පාසල් යන සාමාන්‍ය දරුවෙක් වෙලා දුව ජීවත් වෙනවා දකින එක මට සතුටක් නෙවෙයි කියාගන්න බැරි සැනසීමක්..
තවත් අවුරුදු කීපයක් බණ කියලා, තවත් පුංචි දුවෙක්ට හෝ පුතෙක්ට ජීවිතය දීලා ඒ සැනස ීම ආයිත් ලබන්න දෙපාරක් හිතන්නෑ..
බොහොම පින්, බණ අහපු හැම කෙනෙක්ටම..
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 09.07.2023