Sujatha Puthra Meditation Center
Your Membership ID
"උඹලාගේ අම්මලා ගෙවල් වලට වෙලා දුක් විඳින්නෙ නැද් ද ? උඹලා ඔය තුවක්කුව තියලා අපේ පැත්තට වරෙන්.."
-තාම හරියට කකුල් දෙකෙන් තනියම හිටගන්න බැරි කොල්ලො ටිකක් හමුදාවේ කොල්ලන්ට කියනවා ඇහුණා..
හමුදාවේ කොල්ලෙක් හිතේ දෙයක් හිරකරගෙන නිහඬව ඉන්නවා පේනවා.. ගණන් ගන්නැතිව..
කොල්ලගෙ හදවත කථා කරානම්,
"කොල්ලො මගේ අම්මත් ඉන්නෙ පෝලිමේ තමයි, හැබැයි මේ මගේ රට.. උඹලා පොලු කෑලි අරන් දැන් දැඟළුවට, බිම් බෝම්බ වලට අහුවෙලා කෑලි වෙච්ච කකුල් තියාගෙන, ඒවා පෙන්න පෙන්න හම්බකරගෙන විවේකීව ඉන්න පුලුවන් වුණත්, Medical එක ආයිත් Fit කරගෙන මේ පොළවට ආවේ අම්මා ගැන හිත හිත ඉන්න නෙවෙයි.. අම්මා ගැන හිතනවා නම් ගෙදර යන්න පුලුවන්..
මේ මගේ රට ගැන හිතන්න ඕන වෙලාව.. උඹට පේන මේ බැජ් එක පපුවට ගහද්දි ඇතුලෙ තිබ්බ කටු ඇනිලා එළියට ආව ලේ වලින් පොරොන්දු වුණ රට.. උඹලා පාලකයො පත් කරගනිල්ලා.. වෙනස් කරගනිල්ලා.. අපිට කමක් නෑ..ඒත් උඹලා එක්ක එකතුවෙලා මේක විනා ශ කරන්න දෙන්න බෑ..
මේ අපේ රට.. උඹ අද මගේ කොලර් එකට අත තියපන්.. උඹට විසික් වෙලා යන්න ගහන්නැත්තෙ උඹ අපේ එකෙක් නිසා..
හැබැයි උඹේ සීමාව පන්නගන්න එපා.. එහෙම වුණොත් උඹ ඔය අත තියන් ඉන්නෙ කැමා එකකට කියලා උඹට කියලා දෙන්න වෙනවා..
උඹලා ඕන අරගලයක් කරගනිල්ලා.. මේ මාතෘ භුමියට හානියක් වෙන දේවල් කරනවානම් එතන අපි ඉන්නවා නිසැකවම.."
කියලා කියාවි..
පින්තූරය උඹලා හිතන් ඉන්න විදිය සහ යථාර්ථය පෙන්වාවි..
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 30.07.2022