Sujatha Puthra Meditation Center
Your Membership ID
බුදු පිළිමෙකට තියෙන්නෙ කෞතුක වටිනාකමක් නෙවෙයි..
රටක් ඒක හෙන පරණයි කියලා පෙන්නුවට මිනිසුන්ට පුද සත්කාර කරගන්න පිළිම විවෘතයි..
මේ කරපු වැඩේ හරි වැරද්ද ඕන ඕන විදියට තීරණය කරන්න ඒ නිසා බැහැ..
සමහරු අහනවා බුදුහාමුදුරුවෝ හිටියනම්, ඔහොම පොරවනවද කියලා..
බුදුහාමුදුරුවො හිටියනම් ඔය මිනිස්සු ඔහොම පිළිම ගාවට යන්න ඕනත් නෑ..
ශ්‍රද්ධාව අසම්පූර්ණ සීමාවක් ඇති ධර්මයක්. ඒකේ ප්‍රමාණය තීරණය කරන්න අන්ධ බාලයොන්ට බැහැ..
තමන් ගේ කලවයේ තිබ්බ මස් ටික කපලා දානය හදපු ශ්‍රවකයො මේ සසුනේ අතීතයේ හිටියා.. දාසකම් කරලා දන් දීපු ශ්‍රාවකයෝ මේ සසුනේ අතීතතයේ හිටියා.. වැලි වලින් චෛත්‍යය හදලා ඒකට බුද්ධ සංඥාව උපදවලා වැඳලා රහත් වෙච්ච උතුමෝ මේ සසුනේ හිටියා..
සෝදා වියළෙන්නට දමා හිරු එළියේ දිලිසුණු චීවරය දැක ශ්‍රද්ධා ඉන්ද්‍රිය පහන්කොටගෙන සුගතිගාමී වූවන් ද මේ සසුනේ සිටියා..
එනිසා මෙය ප්‍රමාණ කිරීමට නොයා ඉන්න.
හුදු බුදුදහමේ සාරය ම එක්ක සන්සන්දනය කළොත් මේකට විවේචනයක් තිබ්බත්, බුදුදහම කියන අසීමාන්විත මහ කුලකය ඇතුලේ මේක විවේචනයට ඉඩක් නැහැ.
කරපු කෙනාගේ චේතනාව අනුව බලලා මේ උතුම් කුසලය සතුටු සිතින් අනුමෝදන් වෙනවා 🙏
පින්තූර - ලෝකයේ දැනට වටිනාම පුණ්‍ය භූමි දෙකක් බවට නම් වෙන, බුද්ධගයාවේ සහ පරිනිර්වාණ මංචකයේ වැඩ සිටින මෙත් බෝසතුන් අතින් නිම වූ යැයි පවා සැලකෙන පිළිම වහන්සේලා මිනිසුන් ගේ පූජාවට බඳුන් වන ආකාරය..
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 27.11.2023