top of page

'බෙනේ ඇතුලේ වෙන දේවල් දන්නේ බෙනේ ඇතුලෙ ඉන්න ගිරවු මිසක්, එලියේ ඉන්න රිලවු නෙවෙයි'..

Neth FM Balumgala නිකම් මාධ්‍යය සන්දර්ශන තියලා වැඩක් නෑ. කාරණාව දැන ගන්න ඕන නම් මේ ගිහි ගෙදරට වෙලා පස්කම් සැප අනුභව කර කර ඉන්න ගිහියෙක්⁣ ගෙන් නෙවෙයි මේවාට Voice Cut ගන්න ඕන. ධර්ම විනය දන්න හාමුදුරුවෝ කෙනෙක් ගෙන්.


දැන ගන්නම ඕන නම් ඔය බැලුම්ගල කණ්ඩායමේ ම ඉන්න තිලිණ මල්ලි ගෙන් මගේ නම්බරය ඉල්ලන් මට කෝල් එකක් දෙන්නකො. මං කථන්දරය කියලා දෙන්නම්. මේ ගිහි අයගෙන් අහන්න "වම්බටු වගා කළේ නැද් ද? සීනි ගණන් ද? දැන් සැප ද? වගේ ප්‍රශ්ණ..


මම හැමදාම මේකට කියන්නේ 'බෙනේ ඇතුලේ වෙන දේවල් දන්නේ බෙනේ ඇතුලෙ ඉන්න ගිරවු මිසක්, එලියේ ඉන්න රිලවු නෙවෙයි' කියලා. නම ධර්මදාස වුණා කියලා ඔහු ධර්මය දන්නවා කියලා කියවෙන්නෑ.


නැත්තන් ඔය ළමයි නම අනුව නම් කෝල් කරන්නේ අපේ ගෙවල් පැත්තෙත් හිටියා ධර්මසේන කියලා බෝතල් පත්තර විකුණපු සීයා කෙනෙක්.. එයාටත් කෝල් එකක් දාන්න..


මගේ නම පටන් ගන්නෙත් ධම්ම කියලා 😅


✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero

Date: 29.05.2023


Designed by Sujatha Puthra Meditation Center

bottom of page