top of page

අපි කවදත් නිවැරදි මතයේ මිසක් පක්ෂ මතයක හිර වී නැත..

සත්‍යය පිළිගන්නවා වෙනුවට දේශපාලන පක්ෂයකට ඈඳන්න උත්සහ කිරීම වර්ථමාන ඇතැම් තරුණයන් නායකයක් යැයි සලකන දේශපාලන කල්ලි විසින් සිදු කරන ලද මත හැදීමක් ය..


වෙනදා ලක්දිව මෙවන් ව්‍යසනයකදී පෙනී සිටි කොඳු නාරටිය තිබූ මිනිසුන් දැන් ක්‍රමයෙන් වඳවී ගොස් ⁣සේ ඇත්තේ ය..


බුදු පිළිමයට පූජා කරන දන් පත වැඩක් නෑ කී තැන "අළුත් පරම්පරාව ඕවා තේරුම් ගෙන ඇතැයි" කියන ඔවුන් දෙමව්පියන් සැලකිය යුතුය යන්න කී විට "ඕවා කරලා කාටද හරිගියේ" යැයි අසති..


ධර්මතා පිළිබඳව සත්‍යය කථා කරන විට ඒ ශීර්ෂයෙන් ම ගැනීමට සිත සකස් කර ගත යුතු ය.. දේශපාලන පක්ෂ මත සාමාන්‍ය මිනිසුන් අතර ඇති දේවල් ය.. උගත් බුද්ධිමත් පරම්පරාවත් ලෙස කළ යුත්තේ පක්ෂය අලුත් කර පරණ වරදම කිරීම නොව, තමන්ගේ මතවාදයම වෙනස් කර ගැනීම ය..


අපි කවදත් එම නිවැරදි මතයේ මිසක් පක්ෂ මතයක හිර වී නැත..


බලැත්තවුන් හට බන් වෙරෙහි... නොනැවත

විපත් පැමිණියත් ඉන් කිසි නිඟා... නැත

මහත් විදුරු ගිරි බිතකට වැඳ.... අනුත

සුනත් දළ ඇතුට ලොව අපහසෙක්... නැත


අර්ථය මෙසේ සලකා ගත යුතු ය :


බලවතුන්හට නොකඩවා කරනු ලැබූ වෛරයෙහිදී විපතක් අත්වුවත් ඉන් කිසි නින්දාවක් නොපැමිණෙ.


විශාල වජ්‍ර පර්වතකයට ඇන දළ බිදී ගිය ඇත් රජුට ලෝකයෙන් ලැබෙන අපහාසයක් නැත්තේ ය..


✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero

Date: 22.12.2022

bottom of page