top of page

You can't make an omelette without breaking the eggs..


පහුගිය කාලේ රට වෙනුවෙන් කියලා ආපු බොහෝමයක් චීවරධාරීන් සහ ජාතික මාමක පිල්ලි කලේ අපේ රටේ තිබ්බ අහින්සක තරුණ පරම්පරාවේ මනස එක්ක සෙල්ලම් කරපු එක.. උන් ඒකයි ඒ මතයට දැන් වෛර කරන්නේ.. ඒක උන්ගේ වරදක් නෙවෙයි.. ලාභ සත්කාර වලට යටවෙලා දේශපාලන පක්ෂවලට බෙල්ල දික් කරපු පාදඩ කල්ලි වලම වරදම මිසක්..


දැන් උන්ගේ මතය කියලා උන් තමන්ට දැනෙන හොඳම විසඳුම පස්සේ යන්න දඟලනවා.. ඒ සිතැඟි වලට විරුද්ධ වචන පිටවෙද්දි උන් කාරණාව දිහා බලන්නැතිව Subject එක ඉලක්ක කරගන්නවා, තමන් කාගේ කවුද කියන එක පවා අමතක කරලා..


අපි දන්නවා.. මේක මේ අහින්සකයන්ගේ වරදක් නෙවෙයි..


රටට හෙන සෙතක් කරන්න වගේ ආපු පාදඩ දේශපාලන කල්ලියි, උන්ට කඩේ ගියපු, තාමත් යන ඕමල්පේ සෝභිත වගේ චීවර බළල්ලුයි ටිකයි තමයි මේකට වගකියන්න ඕන..


කොල්ලො ටික තාම සෝම හාමුදුරුවො කියන Concept එකට ආදරේ කරනවා. නමුත් සෝම හාමුදුරුවො කියන්න උත්සහ කරපු එක දැන් ආයි සෝම හාමුදුරුවො ඇවිත් කිව්වත් උන් මේ රතනලා, ගලගොඩ වගේ Theme එකකම දාලා ගන්නවා.. මොකද උන් රටට ආදරෙයි.. නමුත් අර මතයට වෛර කරනවා..


සේපාල් අමරසිංහලා වගේ කලු බලල්ලු ටික Freelanse Hire කරලා, දේශපාලඥයො ගහන Game එකට උන් ආදරේ කරනවා..


අපිට උඹලගේ මනස තේරෙනවා.. නමුත් බොන සමාජයක් ඇතුලේ ඉඳන් උඹලා "ඒක සීතලයි ඒ නිසයි" කියලා හරි සාධාරණය කරගන්නවා නම්, අපි ඉන්නේ ඒක නිවැරදි කරලා දෙන්න මිසක් උඹලා එක්ක එකට වැටිලා බොන්න නෙවෙයි..


බිත්තරයක් කඩන්නැතිව ඔම්ලට් එකක් හදන්න බැහැ.. ඒ නිසා දිවි ඇති තුරා මේ සමාජ මතය නිවැරදි දිශාණතියකට ගෙනියන්න අපි උදව් කරනවා.. උඹලා ඒකට මොන දේ කිව්වත්.. උඹලට දැන්ම නොවුණත්, දිනයක අනිවාරෙන්ම තේරෙයි. අපවත් වුණ දවස් මතක් කරලා කොඩි දාන්න යන්න එපා.. මේ පණිවිඩය දිගටම සමාජ ගත කරපල්ලා.. මේ රට ලස්සන රටක්.. අපේ ර⁣ට.. සිංහල, දෙමළ මුස්ලිම් අපි හැමෝගෙම රට..


පොඩි දෙමළ කෙල්ලෙක් අපේ රටේ Reality Show එකක පළවෙනියා වුණාම අපිට කවදාවත් අනේ ඒකි දෙමළිනේ කියලා හිතිලා නැහැ.. ඒකි අපේනේ.. අහින්සකීනේ කියලා හිතිලා තියෙනවා මිසක්.. එහෙම රටක බුදුහාමුදුරුවන්ට, සංඝයාට ගරහද්දි ඒකට කටවහන් ඉන්න කියන නිවට සමාජයක් ඇති කරගන්න ආධ්‍යාත්මික වර්ධනයක් නැහැ..


මිනිසුන්ට මත වර්ග දෙකක් තියෙනවා.. එකක් හොඳ මතයක්.. අනික නිවැරදි මතයක්.. අපි මෙතනදි ගන්න ඕන හොඳ මතය කියලා හිතනවානම්, ආපහු ඒක නිවැරදි කරන්න බැරි වරදක්ම වේවි..


පොඩි හාමුදුරුවො 40ක් 50ක් හදපු අපිට උඹලට වගේම මේ අමාරුව තේරෙනවා.. උඹලා ළමයින්ට කන්න දෙන්න දඟලනවා වගේම මම මේ පොඩි උන් ටිකට අවශ්‍ය ප්‍රත්‍යය දෙන්න දඟලනවා.. උඹලා පෝලිමේ ඉද්දි, අපිත් වාහාන පෝළිමට දාලා තෙල් ගැහුවේ.. අපිටත් ඕන මේ රට නිවැරදි තැනකට යනවා දකින්න.. මුදල් බාල්දු නොවෙන, අහින්සකයො ටිකට කන්න ලැබෙන, මිනිසුන්ට බේත් ටික ලැබෙන ලස්සන රටක්.. අපි බලාපොරොත්තු වෙනවා.. ඒකට මහින්දද ගෝඨාද අනුරද කියලා එකක් නෑ..


ඒ ලස්සන රට අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා.. අනුර කුමාර හරි රට අරගෙන හරියට හැදුවොත්, අපිට සමාවෙයන් අපිට වැරදුණා උඹලා හරි කියන්න අපි බය නැතිව බලන් ඉන්නවා.. හැබැයි මේ හැමතැනම මිනිසුන්ගේ මනස් එක්ක හැප්පිලා, උඹලා පොතෙන් ඉගෙන ගත්ත දෙයකට වඩා අපි මිනිසුන්ගේ හිත් ගැන දන්නවා.. ඒ නිසා ඒක උඹලට කියනවා..


උඹලා හැමතිස්සෙම හිතන්නේ එක පැත්තක් ගැන.. ආමි එකට ගියානම් අටපාස් කියලා.. මහණ ⁣වෙන්න ගියානම් පින්බත් ගිලින්න කියලා..


ඇත්ත උඹලා හරි.. මොකද අපේ සමාජේ අපිට තිබ්බෙ උඹලට වගේ පාඩුවේ ඉගෙන ගන්න නෙවෙයි.. මං OL කරලා ගෙදර එද්දි මහත්තයාගෙන් වෙන්වෙලා ඇවිත් හිටිය මගේ අක්කට කන්න අඳින්න දෙන්න ඇය වෙනුවෙන් මට ඒ වෙලාවේ ඉදිරිපත් වෙන්න වුණා.. එනිසා OL Result එනකොට මම හිටියේ වැඩ කර කර.. ආපහු AL කරන්න අවුරුදු ගාණක් ගන්න වෙලාවක් අපිට තිබ්බේ නැ.. රිසාල්ට් ෂීට් එක පොඩි කරලා විසික් කරලා දාලා, කරට වැටිච්ච වගකීම් ටික කළා මිසක්..


උඹලට වගේ අතට සල්ලි ආපු ගමන් බයික් ගන්න සමාජයක් අපිට එදා තිබ්බේ නෑ.. අම්මලා තාත්තලා අපි වෙනුවෙන් පොඩි කාලේ ඉඳන් වෙච්ච ණය ටික නිදහස් කරන්න අපේ හිත හැදුණා මිසක්.. ඒ නිසා උඹලට වඩා හොඳට අපිට මහ පොළව හුරුයි..


ජීවත්වෙන අතර තුර මරණය කියන එක දැකලා, සංසාර දුකින් ශාප ලත් අය වගේ හිඟාකාගෙන හරි (උඹලගේ භාෂාවෙන් පිනට ලැබෙන බත් ටික කාලා) පිළිවෙත් පුරන්න මහණ වුනේ අතපය නැතිව, කන්න හොයන්න බැරිව නෙවෙයි, සංසාර දුකින් එතෙර වෙන්න. ආපු දේ කොච්චර ලස්සනද ගැඹුරුද කියලා දැනිලා ඒක උඹලට කියලා දෙන්නේ ඒකෙන් ලාභ සත්කාර ගන්න නෙවෙයි, උඹලටත් මේ සැනසීම ලබලා දෙන්න..


උඹලා ඒක ඒ මට්ටමින් ගන්න මනස හදන් ඉන්නකම් අපි ඒකට උත්සහ කරනවා.. බැරි දවසට, උඹලා ඔක්කොටම මේ ලෝකේ අතරමං වෙන්න ඇරලා, උඹලා ඔක්කොමලව දාලා අපි යනවා..


එනිසා තරුණ මනසින් නෙවෙයි, යථාර්ථවාදී මනසින් ලෝකය දැකපල්ලා.. එතෙක් මේ ඔම්ලට් එක හදන්න අවශ්‍ය බිත්තර හැම එකක්ම අවශ්‍ය තැනදි කඩනවා.. ඒක ⁣ටිකක් උඹලට නුහුරු පිලී ගඳ වුණාට කන්න ලැබිච්ච දවසට අපිට පින් දිදි ඉන්න ඕන නෑ.. ඇතිවෙන්න කාපල්ලා..


උඹලා අපිට කවදාහරි දවසක වහ දෙයි.. ගිනි තියයි.. මේක තේරුම් ගන්න බැරිව.. කමක් නෑ.. කමක් නෑ.. මොකද උඹලා දන්නේ එච්චරයි.. උඹලට තේරෙන්නෙ එච්චරයි.. කමක් නෑ.. මොකද අපි උඹලගේ ස්වාමීන් වහන්සේලා.. අපට උඹලා එක්ක අහිතක් නෑ.. කරුණාවක් අනුකම්පාවක්ම මිසක්..


තෙරුවන් සරණයි..


✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero

Date: 19.12.2022

bottom of page